වියළි කාලගුණයෙන් 658,696කට පීඩා

වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 658,696ක් දක්වා ඉහළට

by Staff writer 09-08-2019 | 7:32 AM
COLOMBO (News 1st) - වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 658,696ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේ බව ය. එම සංඛ්‍යාව 224,000කට අධික ය. නැගෙනහිර පළාතේ පුද්ගලයින් 163,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වියළි කාලගුණයෙන් පානීය ජල හිඟයට මුහුණ දී ඇති පවුල් සඳහා බවුසර් මගින් ජලය සපයන බව ය. මේ අතර තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ්‍ර 73හි ජල මට්ටම 17%ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් 14000ක් මේ වන විට සිඳී ගොස් ඇති අතර මහවැලි පද්ධතියට අයත් ජලාශ්‍රවල ජල මට්ටම පවතින්නනේ ද ඉතා පහළ අගයක ය.