by Staff writer 09-08-2019 | 4:55 PM
COLOMBO (News 1st) : දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩිවිය හැකි වේ.
මේ අතර අධික සුළං සහ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 1141 කට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 17කි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල , නුවරඑළිය ඇතුලු දිස්ත්‍රික්ක 13 කින් එම හානි වාර්තා වන බවයි.