by Staff writer 09-08-2019 | 9:59 AM
COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු කැලණිය දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පෑලියගොඩ දිසා අපරාධ ඒකකය විසිනි.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් කිරිබත්ගොඩ, පෑලියගොඩ හා මිරිහාන පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපළ සොරා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව ය.
සැකකරුවන් සන්තකයේ තිබී විවිධ බර ප්‍රමාණයේ රත්‍රන් ගුලි 8ක් හා රන් මුදු 2ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් 28 හා 47 හැවිරිදි කොළඹ 15 සහ කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් අද මහර සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිත ය.