ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-08-2019 | 6:43 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. කොළඹ මහ නගර සීමාව තුළ කසළ බැහැර කිරීම යළිත් අඩාල වී තිබේ. 2. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ ය. 3. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් නොකළහොත් දේශපාලනයෙන් තමා වසර 5ක විවේකයක් ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. 4. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට සතියේ සෑම දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කළා ය. 5. රුපියල් 10,000ක අල්ලස් ලබා ගත් ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු උල්පතගමදී අත්අඩංගුවට ගෙන තිබේ. 6. අන්තර්ජාතික සමථකරණ එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබේ. විදෙස් පුවත් 7. අමෙරිකාවේ සංචාරය කරන්නන් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.