කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘත කෙරේ

කෝප් කමිටුව අද සිට මාධ්‍යයට විවෘත කෙරේ

by Staff writer 09-08-2019 | 6:48 AM
COLOMBO (News 1st) - කෝප් හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව අද සිට මාධ්‍යයට විවෘත කිරීමට තීරණය කර තිබේ. කථානායක කාර්යාලය සඳහන් කළේ, කෝප් කමිටුව අද සවස 2.30ට රැස්වීමට නියමිත බව ය. මේ අතර අප කළ විමසීමකදී කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, අද දිනයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගැටලු කිහිපයක් පිළිබඳ පරීක්ෂණ සඳහා එම ආයතනවල නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව ය.