කොළඹ ගොඩ ගැසුණු කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය ඇරඹේ

කොළඹ ගොඩ ගැසුණු කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය ඇරඹේ

by Staff writer 09-08-2019 | 9:32 AM
COLOMBO (News 1st) - කෙරවලපිටිය අංගනයට කසළ භාර ගැනීම අත්හිටුවීමත් සමග කොළඹ නගර සීමාවේ ගොඩ ගැසුණු කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය ඊයේ රාත්‍රියේ ආරම්භ කෙරිණි. කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ලොරි රථ 15කින් අරුවක්කාලු වෙත කසළ රැගෙන ගිය බව ය. මේ වන විට කොළඹ නගරයේ එක්රැස් වී ඇති කසළ කෙරවලපිටිය හුවමාරු මධ්‍යස්ථානය දක්වා රැගෙන යාම ආරම්භ කර ඇති අතර අද දහවල් සිට තවත් ලොරි රථ ගණනාවකින් අරුවක්කාලු වෙත කසළ ප්‍රවාහනයට නියමිත බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය. දින 4ක් පුරා කොළඹ මහ නගර සීමාවේ ප්‍රදේශ රැසක කසළ කඳු ගොඩ ගැසීමෙන් නගරවාසීහු දැඩි පීඩාවට පත් වූහ.