by Staff writer 09-08-2019 | 6:41 PM
COLOMBO (News 1st) : කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
කිත්සිරි ජයලත් මහතාට පොලිස් මූලස්ථානය මීට පෙර වෙනත් ප්‍රදේශයකට ලබාදුන් ස්ථාන මාරුවට පොලිස් කොමිසමේ අනුමැතිය හිමි නොවී ය.
කොමිසම එම අවස්ථාවේදී සඳහන් කළේ, පැවති තත්ත්වයත් සමග එවැනි ස්ථාන මාරුවක් ලබාදීම අනුමත කළ නොහැකි බවයි.