කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ්

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 09-08-2019 | 2:44 PM
COLOMBO (News 1st) : කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ලබන මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය හමුවට අද ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේදීයි. ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු බිය ගැන්වීම, මුදල් පැහැර ගැනීම හා පුද්ගලයෙකු පැහැර ගැනීම යන චෝදනාවන්ට අදාළව කුරුණෑගල මහාධිකරණයේ සැකකරුට එරෙහිව මේ වන විට නඩුවක් විභාග වේ. එහෙත් , පසුගිය නඩු වාර්යේදී ඔහු අධිකරණයේ පෙනී නොසිට විදේශගත වී තිබේ. එම අවස්ථාවේදී විනිසුරුවරිය, ඔහුට වරෙන්තු නිකුත් කළ අතර ඒ අනුව ඔහු අද නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.