by Staff writer 09-08-2019 | 10:20 PM
COLOMBO (News 1st) : කොළඹ නගර සීමාවේ එක්රැස් වන කසළ බාධාවකින් තොරව අරුවක්කාරු අංගනයට බැහැර කිරීමට අවශ්‍ය විධිවිධාන සලසන්නැයි, අභියාචනාධිකරණය අද නියෝගයක් කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, කොළඹ මහනගර සභාව කළ කරුණු දැක්වීමක් එම නියෝගය නිකුත් කළ බවයි.
ඒ අනුව අදාළ කසල බාධාවකින් තොරව බැහැර කිරීමට අවස්ථාව සලසා දෙන්නැයි, වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට සහ සභාපතිවරයාට අභියාචනාධිකරණය නියෝග කළ බව ඔහු සඳහන් කළේ ය.