අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු

by Staff writer 09-08-2019 | 12:01 PM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද වරෙන්තු නිකුත් කරනු ලැබී ය. නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. මෙම නඩුවේ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා වෙත යැවීම සඳහා අවශ්‍ය සිතාසි වාර්තා සකස් කොට ලබන දෙසැම්බර් 4 වන දා අධිකරණයට භාර දෙන ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කළ විනිසුරු මඩුල්ල පළමු විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන්ගේ වරෙන්තු වාර්තා ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේ ය.