චන්දිමාල් සහ අකිල නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවයි

චන්දිමාල් සහ අකිල නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවයි

චන්දිමාල් සහ අකිල නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවයි

කර්තෘ Staff writer

09 Aug, 2019 | 12:24 pm

COLOMBO (News 1st): නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ.

ඒ, අනුව දිනේෂ් චන්දිමාල් යළි ශ්‍රී ලංකා සංචියට කැඳවා තිබේ.

චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර මුල පැවති ඔස්ට්‍රේලියානු සංචාරයේදී ය.

ටෙස්ට් තරග 53කදී ලකුණු 3768 ක් රැස් කරගෙන සිටින චන්දිමාල් ශතක 11 ක් සහ අර්ධ ශතක 17 ක් ලබා සිටී.

පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඇතිවූ ගැටලුවක් මත වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරග වලින් ඉවත්ව සිටි අකිල ධනංජය ද සංචිතයේ අවසන් 15 දෙනා අතරට කැඳවා තිබේ.

ඊට අමතරව කණ්ඩායමට කැඳවා ඇති අනෙක් දඟ පන්දු යවන්නන් වන්නේ ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියයි.

තරග දෙකකින් සමන්විත නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ලබන 14වැනිදා ගාල්ලේදී ආරම්භවීමට නියමිත ය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

01 – දිමුත් කරුණාරත්න (නායක)
02 – ඇන්ජලෝ මැතිව්ස්
03 – දිනේෂ් චන්දිමාල්
04 – ලහිරු තිරිමාන්න
05 – කුසල් මෙන්ඩිස්
06 – කුසල් පෙරේරා
07 – නිරෝෂන් දික්වැල්ල
08 – ධනංජය ද සිල්වා
09 – අකිල ධනංජය
10 – ලසිත් ඇඹුල්දෙණිය
11 – සුරංග ලක්මාල්
12 – ලහිරු කුමාර
13 – ඕෂධ ප්‍රනාන්දු
14 – ලක්ෂාන් සඳකැන්
15 – විශ්ව ප්‍රනාන්දු

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]