ගොඩබිමේ සහ මුහුදේ සුළං වේගය ඉහළට...

මුහුදේ සුළං වේගය ඉහළට: ධීවර ප්‍රජාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

by Staff writer 08-08-2019 | 6:36 AM

COLOMBO (News 1st) - ගොඩබිමේ සහ මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 ක් දක්වා ඉහළ යා හැකි බවයි. අනෙක් මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි. මේ අතර උතුර සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාලමය දිස්ත්‍රික්කයට පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා තද සුළං ඇති විය හැකි වේ. ඊට අමතරව බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල සුළං වේගය පැයට කිලෝමීටර 50 - 60 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.