ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 08-08-2019 | 6:17 AM

දේශීය පුවත්

1. බලංගොඩ කෝටි 15ක මුදල් වංචාවේ සැකකාරිය රක්ෂිත බන්ධනාගාරයට: බලංගොඩ මොරහැල උඩවෙල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 2. ජනපති කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක් ආරම්භ කළේ ය. 3. පාර්ලිමේන්තුව මන්ත්‍රී වැටුපෙන් උණුසුම් වෙයි: ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උපදේශකයින් 7 දෙනෙකුට වැටුප් ගෙවන බවට කෙරුණු අනාවරණයත් සමග පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය. 4. HND සිසුන්ට කොළඹදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර: උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දීය හිටපු විදේශ ඇමති සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි: ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ආදරයට පාත්‍ර වූ නායිකාවක වන සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත විය.