ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ තීන්දුව අද

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ තීන්දුව අද

by Staff writer 08-08-2019 | 7:10 AM

COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ ය.