ප්‍රදේශ රැසක විදුලිය සැපයුම ඇණහිටී

වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය සැපයුම ඇණහිටී

by Staff writer 08-08-2019 | 10:04 AM

COLOMBO (News 1st) - වර්ෂාවත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, අර්ධ විදුලි රැහැන්වලට ගස් කඩා වැටීමේ සිදුවීම් රැසක් වාර්තා වන බවයි. ඒ අනුව දෙහිවල, මාලඹේ, හෝමාගම, කොස්ගම, පුත්තලම, නිකවැරටිය සහ දඹුල්ල යන ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ. බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. මේ අතර කැලණිවැලි, හලාවත සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.