මාරවිල රෝහලේ සැත්කම ගැන පරීක්ෂණයක්

මාරවිල රෝහලේ කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

by Staff writer 08-08-2019 | 7:10 AM

COLOMBO (News 1st) - ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සඳහා මාරවිල රෝහලට ඇතුළත්ව සිටි කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අමාත්‍යංශ පරීක්ෂණ ඒකකයට අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි. ඒ අනුව විශේෂඥ කණ්ඩායමක් මාරවිල රෝහල බලා පිටත්ව යනු ඇති. අදාළ අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ 78 හැවිරිදි කාන්තාවක් ය.