ඉන්දු – පකිස්ථානු අර්බුදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉන්දීය අගමැති ජාතිය අමතයි

ඉන්දු – පකිස්ථානු අර්බුදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉන්දීය අගමැති ජාතිය අමතයි

ඉන්දු – පකිස්ථානු අර්බුදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඉන්දීය අගමැති ජාතිය අමතයි

කර්තෘ Staff writer

08 Aug, 2019 | 8:05 am

News 1st – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජාතිය ඇමතීමට නියමිතවේ.

ඒ, ඉන්දු – පකිස්ථානු අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ අරමුණිනි.

එහිදී ඔහු ජම්මු – කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කර එම ප්‍රදේශ දෙක මධ්‍යම රජයට අයත් බල ප්‍රදේශ දෙකක් බවට පත් කිරීමට හේතු පැහැදිලි කරනු ඇති.

ඉන්දියාව, ජම්මු කාශ්මීර පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ඒ, ඉන්දියාව සමග පවතින සියලු වෙළෙඳ සබඳතා නතර කර රාජ්‍ය තාන්ත්‍රික මට්ටම ද පහත හෙළන බවට පකිස්ථානය නිවේදනය කර පැය කිහිපයකට පසුවයි.

ඉන්දියාව අදාළ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පෙර තමුන්ගෙන් විමසීමක් නොකළ බව අමෙරිකාව සඳහන් කළේ, ඒ පිළිබඳ සාකච්ඡා සඳහා මැදිහත්වීමට සූදානම් බව ද පවසමිනි.

ඉන්දියාවේ හදිසි තීරණයත් සමග පකිස්ථානය සිය ගුවන් අවකාශයේ එක් ප්‍රදේශයක් වසා දැමීම හේතුවෙන් ඒ හරහා පියාසර කළ ගුවන් යානාවලට අමතර විනාඩි 12 ක් වැයකර වෙනත් ගමන් මාර්ග භාවිත කිරීමට සිදුව තිබේ.

ඉන්දීය ගුවන් සේවය සිය ගුවන් ගමන් වාර 50 ක් සඳහා දෛනිකව පකිස්ථාන ගුවන් අවකාශය භාවිත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්දියාව ගත් තීන්දුවට චීනය විරෝධය පළ කරද්දී මාලදිවයින ඊට සහාය පළ කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]