HND සිසුන්ට කොළඹදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

HND සිසුන්ට කොළඹදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 07-08-2019 | 7:20 PM
COLOMBO (News 1st) - උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලීසිය අද පස්වරුවේ ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ එම විරෝධතා පාගමන ලෝටස් වටරවුම ආසන්නයට පැමිණියේ ය. ඉන් ප්‍රතිඵලයක් නොවූ හෙයින් නැවතත් ඔවුහු විරෝධතාවයේ නිරත වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යාමට උත්සහ කළහ. එහිදී ඔවුන් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේ ය. විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගත්තේ ය.