by Staff writer 07-08-2019 | 4:48 PM
COLOMBO (News 1st) - JMI තහනම් සංවිධානයේ ක්‍රියාකාරීන් 3 දෙනෙකු අම්පාර පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය මත එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය.
අත්අඩංගුවට ගනු ලැබූ එක් සැකකරුවෙකු වන්නේ මොහිදින් බාවා මොහොමඩ් රැම් හෙවත් අබු අක්රාන් ය.
ඔහු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම සැකකරු සහරාන් නමැති ත්‍රස්තවාදියා සමග නුවරඑළියේ පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
දෙවන සැකකරු වන්නේ මොහොමඩ් රියාල් මොහොමඩ් සජීඩ් නොහොත් අබු සල්මාන් නමැත්තෙකි.
ඔහු මාවනැල්ලේ පදිංචිකරුවෙකු වන අතර නුවරඑළියේ පුහුණු කඳවුරේ පුහුණුව ලබා තිබේ.
වරකාපොළ, නාන්හැල්ල පදිංචි මොහොමඩ් රම්සින් රුෂ් දී අහමඩ් නොහොත් අබු අල්වකාර් නමැති 3 වන සැකකරු හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූවෙකි.