වෙලම්බඩ පොලීසියේ වැඩබලන OIC ගේ වැඩ තහනම්

වෙලම්බඩ පොලීසියේ වැඩබලන OIC ගේ වැඩ තහනම්

by Staff writer 07-08-2019 | 10:05 AM

COLOMBO (News 1st) - මහනුවර, වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වෙලම්බඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකින් පොලිස් භාරයට ගත් කඩු 76 ක් සහ අත්පොරෝ 13 ක් පොලිස් ස්ථානධිපතිවරයා නොමැති අවස්ථාවකදී වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා නැවත එම පල්ලියට ලබාදීමට සූදානම් වූ බව කියන සිද්ධියක් මතයි. දැනට ඒ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.