මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් විරෝධතාවක

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් විරෝධතාවක

by Staff writer 07-08-2019 | 3:23 PM
COLOMBO (News 1st) - මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක නිරත වූහ. ඒ, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට ලබා දුන් 2500 මාසික දීමනාව තමන්ට ලබා නොදීමට පාලනාධිකාරිය ගත් පියවරට විරෝධය පළ කරමිනි. බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ආරම්භයේ සිට විරෝධතා පාගමනින් පැමිණි සේවකයින් පැවසුවේ, පාලනාධිකාරිය තම ඉල්ලීම් ලබා දීමට කටයුතු නොකරන බව ය.