නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකුට ස්ථාන මාරු

by Staff writer 07-08-2019 | 10:27 AM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස්පති මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඔහු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් කර ඇත. ඒ අනුව අගමැති ආරක්ෂක කොට්ඨාසය සිට නියෝජ්‍ය පොලිස්පති ඒ.ජේ. කරවිට මහතා අගමැති ආරක්ෂක දිසාවට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එන්.එල්.සී සම්පත් කුමාර මහතා ස්ථාන මාරු කර ඇත්තේ, රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසයි. මීට අමතරව නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි දිනේෂ් කරුණනායක මහතා මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ තොරතුරු තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා ස්ථාන මාරු කර ඇත්තේ, බඳවා ගැනීම් පුහුණු හා ජාත්‍යන්තර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. එම්.එන් සිසිර කුමාර මහතා මහනුවර කොට්ඨාසයේ සිට මානව සම්පත් කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.