SL vs NZ: ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

by Staff writer 07-08-2019 | 4:26 PM
COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළේ ය. දිමුත් කරුණාරත්න නායක ලෙස කටයුතු කරන ඊට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය ද ඇතුළත් ය. කෙසේ නමුත් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය පහත පරිදි වේ.
  1. දිමුත් කරුණාරත්න
  2. ඇන්ජලෝ මැතිව්ස්
  3. දිනේෂ් චන්දිමාල්
  4. ලහිරු තිරිමාන්න
  5. කුසල් මෙන්ඩිස්
  6. කුසල් ජනිත් පෙරේරා
  7. නිරෝෂන් දික්වැල්ල
  8. ධනංජය ද සිල්වා
  9. ඇන්ජලෝ පෙරේරා
  10. ඕෂධ ප්‍රනාන්දු
  11. ධනුෂ්ක ගුණතිලක
  12. ශෙහාන් ජයසූරිය
  13. චාමික කරුණාරත්න
  14. දිල්රුවන් පෙරේරා
  15. අකිල ධනංජය
  16. ලසිත් ඇඹුල්දෙණිය
  17. ලක්ෂාන් සඳකැන්
  18. සුරංග ලක්මාල්
  19. ලහිරු කුමාර
  20. විශ්ව ප්‍රනාන්දු
  21. කසුන් රාජිත
  22. අසිත ප්‍රනාන්දු