ජනපති කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක

ජනපති කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක

by Staff writer 07-08-2019 | 9:23 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කාම්බෝජයේ සිව් දින නිල සංචාරයක් ආරම්භ කළේ ය. කාම්බෝජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය මාලිගාවේ අමාත්‍ය ක්හියු කන්හරිත් මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබූහ. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කාම්බෝජයේ රජු නොරොඩොම් ෂිහාමොනි හා අග්‍රාමාත්‍ය හන් සෙන් යන මහත්වරුන් හමුවීමට නියමිත ය. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගු කාලීන සබඳතා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ. දෙරට අතර ආර්ථික, වෙළෙඳ, සංචාරක හා බෞද්ධාගමික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඊට අදාළ නව ගිවිසුම් කිහිපයකට එළැඹීමට ද නියමිත ය. මේ අතර ශ්‍රී ලංකා කාම්බෝජ ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක සැසිය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.