මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට: අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට: අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට: අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

කර්තෘ Staff writer

07 Aug, 2019 | 10:04 am

COLOMBO (News 1st) – පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 – 70ක් දක්වා වැඩි විය හැකි බව යි.

ඊට අමතරව, පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදේ සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 60 ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකිය.

මේ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව ඉතා අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවති බවයි.

බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]