හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්...

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්...

by Staff writer 06-08-2019 | 4:07 PM

 COLOMBO (News 1st) - හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය වයඹ දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවති බවයි. බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බව එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ ය.