විදුලි බල සංශෝධන කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

විවාදයට ගැනීමට තිබූ විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගනී

by Staff writer 06-08-2019 | 3:03 PM

COLOMBO (News 1st) - අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගෙන තිබේ.

ඒ, අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුවයි. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තබා ඇත.