රාජ්‍ය ආයතනවල මූල්‍ය විගණනය 90% කින් අවසන්

රාජ්‍ය ආයතනවල මූල්‍ය විගණනය 90% කින් අවසන් - විගණකාධිපති දෙපාර්තමේන්තුව

by Staff writer 06-08-2019 | 4:45 PM

COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදු කළ මූල්‍ය විගණනය 90% කින් පමණ අවසන් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මේ වන විට ආරම්භ කර ඇති බවයි. එහි වාර්තා ඔක්තෝබර් මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මෙතෙක් සිදු කළ මූල්‍ය විගණනවලින් රාජ්‍ය ආයතන බොහෝමයක අඩුපාඩු පවතින බවට අනාවරණ වී තිබේ. විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ, පවතින අඩුපාඩු සහ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි අනාවරණ වී ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් වෝහාරික විගණන ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම වෝහාරික විගණන සඳහා මෙරට විගණන නිලධාරීන් පුහුණු කිරීමට පියවර ගෙන තිබේ. ඔහු පැවසුවේ, එහි මූලික අදියර යටතේ නිලධාරීන් 7 දෙනෙකු එංගලන්තයේදී ඒ සඳහා පුහුණුව ලබා ඇති බවයි. තව ත් විගණන නිලධාරීන් 7 දෙනෙකු පුහුණුව සඳහා යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.