පිළිමතලාවේදී කසල තේ කිලෝ 7500ක් STF භාරයට

පිළිමතලාවේදී කසල තේ කිලෝ 7500ක් STF භාරයට

by Staff writer 06-08-2019 | 1:25 PM
COLOMBO (News 1st) : පිළිමතලාව, ගඩලාදෙණිය ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 7500 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ලොරි රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකුද අත් අඩංගුවට ගත් බවයි. අදාල කසල තේ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දවුලගල පොලිසිය වෙත භාරදී තිබේ.