ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

by Staff writer 06-08-2019 | 1:33 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ජනාධිපතිතුමා හා විපක්ෂනායකවරයා අතර සිදුවූ හමුවක් පිළිබඳව මාධ්‍යවේදීන් නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් විමසා සිටියේ ය. එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ , ඊයේ රාත්‍රීයේ යම් හමුවක් සිදුව ඇති බවත් එහි ප්‍රතිඵලය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායම තවමත් දැනුවත් නොමැති බවයි. කේසේ වෙතත් අද පස්වරුවේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/482443162575174/