කන්තලේදී වැලි ව්‍යාපාරිකයින් හා ගොවීන් අතර උණුසුම් තත්ත්වයක්

by Staff writer 06-08-2019 | 8:56 PM

COLOMBO (News 1st) - කන්තලේ සුරියපුර - තුන්මෝදර ප්‍රදේශයේදී අද වැලි ව්‍යාපාරිකයින් හා ගොවීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මේ වනවිට අවදානමකට ලක්ව තිබෙන සුරියපුර - තුන්මෝදර මහවැලි ගගේ ආරක්ෂක වේල්ල සැකසීමේ මුවාවෙන් රාජ්‍ය ආයතනවලට අනුබද්ධ සමාගමක් ඒකාබද්ධව වැලි ගොඩදමන බවට චෝදනා කරමින් අද පෙරවරුවේ වැලි ව්‍යාපාරිකයින් පිරිසක් කන්තලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් පැවසූවේ, එම ස්ථානයේ වැලි කැනීම් කර ඒවා අළෙවියෙන් ලබාගන්නා මුදල් මගින් අදාළ වේල්ල ප්‍රතිසංස්කරණය කිරීමට මහවැලි අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලය යෝජනා කර ඇති බවයි. මහවැලි අධිකාරියේ සුරියපුර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හා ප්‍රදේශයේ ගොවීන් පිරිසක් තුන්මෝදර මහවැලි ගගේ ආරක්ෂක වේල්ල අසළට පැමිණි බවට ලැබුණු ආරංචියත් සමග උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස ද එම ස්ථානයට පැමිණියහ. එහිදී ව්‍යාපාරිකයින් සහ ගොවීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණේ ගොවි සංවිධාන මහවැලි අධිකාරියේ ක්‍රියාමාර්ගයට එකඟත්වය පළකිරීම හේතුවෙනි. අප වාර්තාකරු සඳහන් කළේ, ඉදිරියේදී දෙපාර්ශවයම එක්වී සාකච්ජා කිරීමෙන් පසු විසඳුමක් ලබා ගැනීමට වූ පොරොන්දුව මත පිරිස විසිර ගිය බවයි.