by Staff writer 06-08-2019 | 5:22 PM
COLOMBO (News 1st) - අයවැය ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම අමාත්‍යාංශය පවසන්නේ, සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන ආපනශාලා ව්‍යාපාර සඳහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කරන බවයි.
විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීමේදී ද ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර තිබේ.
ජාතික ගොඩනැගීමේ බදු නිදහස ලබන මස සිට ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන්ට ද හිමිය.
සැකසුම් නොකරන ලද මැණික් ආනයනය කිරීමේදී හා පිරිපහදු නොකළ පාම් තෙල් යොදගෙන දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් ද බද්දෙන් නිදහස් වේ.
එකතු කළ අගය මත බද්ද අයකිරීම ද ලබන මස සිට සංශෝධනය කර ඇත.
සහාධිපත්‍ය නිවාස සැපයීමේදී එය රුපියල් මිලියන 25ට වඩා අඩුනම් අදාළ නිවාස ව්‍යාපෘති සඳහා වැට් බදු අය නොකරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
දේශීයව නිෂ්පාදනය කරන ලද සහල්වලින් සැකසු නිඩුවු තෙල් සැපයීම ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර තිබේ.
අයවැය යෝජනා අනුව අපනයන අභිමුඛ අයෝජන මණ්ඩල සමාගම් ඇදුම් දේශීයව විකිණීමේදී ඒකක මත අය කෙරෙන එකතු කළ අගම මත බදු ප්‍රමාණය ඒකකයට 75 සිට 100 දක්වා ඉහළ දැමු බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.