JMI සංවිධානයේ සමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

JMI සංවිධානයේ සමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 05-08-2019 | 6:34 PM

COLOMBO (News 1st) - ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිමී හෙවත් JMI නැමති තහනම් සංවිධානයේ සමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් මොහොමඩ් සහරාන් සමග අවි පුහුණුව ලබා ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් මන්සුර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසහීඩ්, මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් සහ මෙහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් නැමැති අයයි. ඔවුන් ගෙලිඔය සහ මානවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. මෙහොමදු තාහීර් හිදයතුල්ලා ඕලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන බව පොලීසිය සඳහන් කළේ ය.