වැල්ලවත්තේදී දෙපිරිසක් අතර ගැටුමක් : 6 ක් රෝහලේ

වැල්ලවත්තේදී දෙපිරිසක් අතර ගැටුමක් : 6 දෙනෙක් රෝහලේ

by Staff writer 05-08-2019 | 6:27 AM
COLOMBO (News 1st) :වැල්ලවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ නිවාස සංකිර්ණයක පුද්ගලයින් පිරිසක් හා ඉදිකිරීම් වැඩබිමක කම්කරුවන් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමින් දෙපාර්ශ්වයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු සුළු තුවාල ලබා ජාතික රෝහලට හා කළුබෝවිලට රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. බීමත්ව ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය. https://www.facebook.com/NewsfirstSL/videos/506726250097479/