රන්ජන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙටට  කල් යයි

රන්ජන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙටට කල් යයි

by Staff writer 05-08-2019 | 5:29 PM

COLOMBO (News 1st) - අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කලේ යැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නිවාඩු ලබා සිටීම හේතුවෙනි. නඩුව අද දින කැඳවුයේ ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය. විත්තිකාර රන්ජන් රාමනායක මහතා අද දින ආරම්භ වූ උසස් පෙළ විභාගයට පෙනී සිටීම නිසා ඔහුට අද දින සහ හෙට අධිකරණය හමුවේ පෙනී නොසිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙර නඩු දිනයේදී අවසර ලබාදී ඇත.