මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නැහැ

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නැහැ - නීතිපති ජනපතිට දන්වයි

by Staff writer 05-08-2019 | 5:11 PM

COLOMBO (News 1st) - පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බව නීතිපතිවරයා විසින් තමාට දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ අද පෙරවරුවේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමිනි. ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය විරෝධී සටනට එරෙහිව නැගෙන හඬ හමුවේ වඩා සතුටට පත් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනා සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා පවතින බව ද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.