by Staff writer 05-08-2019 | 12:18 PM
COLOMBO (New 1st) : මාර්ග අංක 430 මතුගම - කොළඹ සුඛෝපබෝගී බස් රථ සේවකයෝ අද වැඩවර්ජනයක නිරත වෙති.
අප වාර්තාකරු පැවසුවේ, අධිවේගී මාර්ග හරහා මතුගම සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථ සේවකයින් ද වර්ජනයට එක්ව සිටින බවයි.
අත්තනෝමතික ලෙස බස් රථ සඳහා අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමට අවසර දීම වැඩ වර්ජනයට හේතුවී තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටින බවයි.
අද උදෑසන පටන් මෙම වැඩවර්ජනය ක්රියාත්මකයි.