පල්ලේවෙල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

පල්ලේවෙල පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්

by Staff writer 05-08-2019 | 6:06 PM

COLOMBO (News 1st) - පල්ලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා තිබේ.

ඒ, මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් නීති විරෝධි මත්පැන් පානය කළ පුද්ගලයන් 13 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. පසුගිය 01 වැනි දා අදාළ ස්ථානයෙන් නීති විරෝධි මත්පැන් පානය කළ පිරිසක් එක වර අසනීපවීම හේතුවෙන් රෝහල්ගත කරනු ලැබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු අද මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.