by Staff writer 05-08-2019 | 12:02 PM
COLOMBO (News 1st) : මහියංගණය, කුඩාඔය ප්‍රදේශයේ අද අලුයම 1.30ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් 8 හැවිරිදි දැරියක මිය ගොස් ඇයගේ මිත්තණිය තුවාල ලබා තිබේ.
දැරිය මියගොස් ඇත්තේ, වන අලියා නිවසට ප්‍රහාර එල්ල කිරීමත් සමග නිවසේ බිත්ති නිදි පැදුරේ සිටි දැරියගේ ඇඟ මතට පෙරළීමෙනි.
වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දැරියගේ මිත්තණිය ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කර තිබේ.
වන අලි ප්‍රහාරයෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මාපාකඩවැව බණ්ඩාරනායක විද්‍යාලයේ 03 ශ්‍රේණිය ඉගනුම ලබමින් සිටි ශාලිකා නමැති සිසුවියකි.
එම දැරිය මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ, වැඩිවියට පත් සිය ඥාති සහෝදරියකගේ තනි රැකීමට ගොස් සිටියදීයි.
මියගිය දැරිය සමග අදාළ වැඩිවියට පත් දැරිය සහ මිත්තණිය ද එකම ස්ථානයේ නිදාගෙන සිට ඇති අතර අනතුරින් වැඩිවියට පත් දැරිය ද සුළු තුවාල ලබා තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/2549039855148996/