මුරලිගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක්

මුරලිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රානා දුග්ගුබාටි සූදානම් වෙයි

by Staff writer 04-08-2019 | 11:54 AM
(News 1st) - මෙරට සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සුපිරි දකුණු ඉන්දීය නළු රානා දුග්ගුබාටි සූදානම් වේ. මෙහි මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට ප්‍රවීණ දකුණු ඉන්දීය නළු විජේ සේතුපාති පණ පොවනු ඇති. සිය ට්විටර් ගිණුම ඔස්සේ මේ බව දැනුම් දුන් රානා දුග්ගුබාටි සඳහන් කළේ, අනර්ඝ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව ප්‍රවීණ නළුවෙකු තුළින් කියා පෑමට අවස්ථාව ලැබීම පිළිබඳව ආඩම්බරයට පත් වන බව ය. මෙතෙක් නම් කර නැති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන දෙසැම්බර් මාසයේදී ඇරඹීමට නියමිත ය.