බීමත් රියැදුරන් 7144ක් අත්අඩංගුවට

බීමත් රියැදුරන් 7144ක් අත්අඩංගුවට

by Staff writer 04-08-2019 | 3:30 PM
COLOMBO (News1st) : දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුම මගින් මේ වන විට බීමත් රියැදුරන් 7144ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය මස 5 වනදා සිට මේ දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියැදුරන් අත්අඩංගුවට ගත් බවයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියැදුරන් 188ක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.