by Staff writer 04-08-2019 | 8:08 AM
COLOMBO (News 1st) - අම්බලන්ගොඩ කුලීගොඩ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා බන්ධනාගාර ජෙලර්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එම අමාත්‍යංශය සඳහන් කළේ, සිදු වන විමර්ශන කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලා එම පැමිණිල්ල ගොනු කළ බව ය.
මේ අතර වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ ඇති ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් 4ක් ක්‍රියාත්මක බව ය.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.
ඊයේ පස්වරු 6.00ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කෙරිණි.
එලෙස ඝාතනයට ලක් වුණේ, 44 හැවිරිදි තිලිණ රුවන් ජයරත්න නමැති අයෙකි.
ඔහු අම්බලන්ගොඩ සොයිසා මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.