කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කීර්ති තෙන්නකෝන් දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 04-08-2019 | 9:29 AM
COLOMBO (News 1st) - දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද උදෑසන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර තිබේ. මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ද ඊයේ සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, මාර්ෂල් පෙරේරා මහතා ද පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්විණි.