කළුතර වස්කඩුවේදී බස් රථ 2ක් ගැටී 6 දෙනෙකු මරුට

කළුතර වස්කඩුවේදී බස් රථ 2ක් ගැටී 6 දෙනෙකු මරුට: 50කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ

by Staff writer 04-08-2019 | 7:07 AM
COLOMBO (News 1st) - කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ 52 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව ය. තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටී. අනතුරින් මිය ගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකි. ඇල්පිටිය දෙස සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අද අලුයම 5.15ට පමණ අනතුර සිදුව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. https://www.youtube.com/watch?v=Y_z8XiK6BOI