එ.ජා.ප.යේ 5 වන දා රැස්වීම අවලංගු කෙරේ

එ.ජා.ප.යේ 5 වන දා රැස්වීම අවලංගු කෙරේ

by Staff writer 04-08-2019 | 6:37 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 5 වන දා රැස්වීම අවලංගු කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වූයේ, අගෝස්තු 5 වන දා නව සන්ධානය පිහිටුවීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබෙන බව ය. එහෙත් එදින රැස් වූ බහුතර කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෝ සන්ධාන ගත වීමට අදාළව සකස් කර තිබූ ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කළහ. https://www.youtube.com/watch?v=s1jurqte25o