ඇමරිකාවේ ත්‍රස්තවාදි වෙඩි තැබිම් 2ක් : 29ක් මරුට

ඇමරිකාවේ ත්‍රස්තවාදි වෙඩි තැබිම් 2ක් : 29ක් මරුට

by Staff writer 04-08-2019 | 9:31 PM
COLOMBO (News 1st) : ගෙවුණු පැය 24 තුළ ඇමෙරිකාවේ සිදුවූ ත්‍රස්ත වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝහි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයට කඩා වැදුණු සුදු අධිපතිවාදී ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කල මෙම වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබේ. AK-47 වර්ගයේ ගිනි අවියකින් ත්‍රස්වාදීයා පළමුව රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුළු වි එහි සිටි 100කට අධික පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. සිද්ධිය ඇසින් දුටු පිරිස් සඳහන් කරන්නේ මෙම තුවක්කුකරු කිසිදු ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවයි. මේ වනවිට, ප්‍රහාරය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් සිටි ද සොයා එල් පාසෝ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් සඳහන් කළේ, ටෙක්සාස් ඉතිහාසයේ මාරාන්තිකම දිනයක් ලෙස ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ අද නම් කළ හැකි බවයි. මෙම ප්‍රහාරය සිදුවී පැය කිහිපයක් ගත වනවිට අමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඩෙයිටන් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි. ඔහායෝ වෙඩි තැබීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. එෆ් බී අයි ආයතනය වෙඩි තැබීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මේ අතර, විදෙස් වාර්තාවල දැක්වෙන්නේ 2019 වසරේ 215 වන දිනය වන අද වනවිට ඇමරිකාව තුළ බරපතළ තත්ත්වයේ සැලකිය හැකි වෙඩි තැබිම් 249ක් සිදුව ඇති බවයි.