JMI සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා අත්අඩංගුවට

JMI සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා අත්අඩංගුවට

by Staff writer 03-08-2019 | 8:46 PM
COLOMBO (News 1st) - ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අම්පාර පොලීසිය කළ වැටලීමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ය. ඕල්විල් විශ්වවිද්‍යාලයේ අන්තවාදී මතවාද පැතිර වූ එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ද අම්පාර පොලීසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.