සිරස ටීවී සම්මාන රැසකින් පිදුම්ලබයි

සිග්නීස් සම්මාන උළෙලේදි සිරස ටීවී සම්මාන රැසකින් පිදුම්ලබයි

by Staff writer 03-08-2019 | 7:59 AM
COLOMBO (News 1st) : 2019 - සිග්නීස් ටෙලි සිනමා උත්තමාචාර සම්මාන උළෙලේදි සිරස ටීවී සහ සිරස මූවීස් නිෂ්පාදන සම්මාන රැසකින් පිදුම් ලැබී ය. එහිදී චිත්‍රපට අංශයේ හොඳම විශිෂ්ටතා සම්මානය, උදුම්බරා චිත්‍රපටයේ උදුම්බරා චරිතයට පණ පෙවූ නදීශානි ඇන්ඩ්‍රසන් දිනාගත්තේ ය. සිරස ටීවි නාලිකාවේ විකාශය වූ තාත්තා ටෙලිනාට්‍ය ද, 2019 සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබී ය. සම්මාන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීයි. රිකාඩෝ යුනේස් සහ පිලිපිනයේ අතිඋතුම් මලිලෝ වේගරා රදගුරු හිමිපාණන් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.