සජිත් ජනපති අපේක්ෂකත්වයට නම් කරන්නැයි පෙත්සමක්

සජිත් ජනපති අපේක්ෂකත්වයට නම් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

by Staff writer 03-08-2019 | 9:35 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරිණි. ගජසවි සමාජවාදී පෙරමු‍ණේ මෙහෙය වීමෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ, කඩවත නගරයෙනි. 2020 ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙසට බල කරන අත්සන් විසි ලක්ෂයක් ලබා ගැනීම මෙහි අරමුණ ය.