මිහින්තලයේදී පුද්ගල ඝාතනයක්

මිහින්තලයේදී සවලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 03-08-2019 | 1:49 PM
COLOMBO (News 1st) : මිහින්තලය, කුරුදංකුලම ප්‍රදේශයේදී සවලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, බහින්බස් වීමක් දුර දිග යෑම ඝාතනයට හේතුවී ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ , 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.